Saturday, June 9, 2018

Cloak And Dagger S01E01 Sinhala Subtitle



Cloak And Dagger Sinhala Subtitle [ආරම්භය]

මම අද අරන් ආවා Marvel ලගේ අලුත්ම කතා මාලාව cloak and dagger. මාවල් කිව්වම නොදන්න කව්රුත් නැතිව ඇති. ඇවෙන්ජර්ස්, කැප්ටන් ඇමෙරිකා, අයන් මෑන් මේ වගේ චිත්‍රපටි මෙන්ම රූපවාහිනී කතා මාලා බොහොමයක් නිශ්පාදනය කරපු ආයතනයක්. 2018 ජුනි මස 7 වනදා පලමු කොටස විකාශනයට පත් උන cloak and dagger කතා මාලාවේ ආරමභයයි. IMDB දර්ශකයේ 6.6 අගයක් ලැබි තිබෙනවා. Adventure, science fiction, romance novel, superhero fiction, teen drama යන ඒවට අයිති මෙම කතාව. මේ කතාවේ ප්‍රධාන චරිත රඟ දක්වන්නේ ඔලිවියා හොල්ට් සහ ආබ්‍රේ ජොසප් යන දෙපලයි.
කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් කුඩා කාලයේ දි හදිසි අනතුරකට මුහුණ දෙන මේ දෙපල වතුරට වැටෙනවා. කොල්ලනම් පනිනවා අයියව බේරගන්න. මේ අවස්ථාවේ යම් පිපිරිමක් සමඟ ආලෝකයක් නිකුත් වෙනවා. මේ දෙපලගේ ජිවිතය බේ⁣රෙනවා. ඔවුන් තරුන වියට ආවම තමයි ඔවුන්ට බලයක් ලැබිලා කියලා දැනගන්නේ. අපි මේ බලය මොකක්ද මේ හැමදෙයක්ම ඔබලට බාර කරනවා. මගේ 4වන උපසිරැසිය තමයි මේ ගෙනාවේ. ඔබගේ අදහස් යෝජනා චෝදනා. ඒ වගේම උපසිරැසි කරන්න කැමති  අය ඉන්නවනම් මට සහයක් දෙන්න පුලුවන්. ඒකටත් ඔබට අවස්ථාව දෙන්න මම ලෑස්තියි.
ස්තූතියි ඔබට සුභ දවසක්!

ක්‍රිශාන්ත

අදහස් ෆේස්බුක් පිටුව හරහා යොමු කරන්න




Friday, June 1, 2018



COLLATERAL SEASON 01 EPISODE 02 SINHALA SUBTITLE

  Collateral ( සුපරික්ෂාකාරී ) ඔන්න අද මම දෙවෙනි කොටසේ උපසිරැසිය ගෙනාවා. ගිය සතියේ මම කතාමාලාව විස්තර කරානේ. අද මම පලවෙනි කොටස ගැන පොඩ්ඩක් මතක් කරන්නම්. මුලදිම මං කිව්වා පීසා  ගෙනියන කොල්ලෙක්ගේ ඝාතනයක් සම්බන්ධ කොරෙන විමර්ශනයක් කියලා. ඉතින් පලවෙනි කොටසේ මේ මරණය සිද්ධ වෙනවා. කිම් ග්ලැස්පි තමයි මේ සිද්ධිය පිලිබඳ විමර්ශනය කරන පොලිස් නිලධාරිනිය. ඝාතනයට ලක් වුන කොල්ලගෙ නම අබ්දුල්ලා. මේ විමර්ශනය කරන අතරේ පරස්පර සාක්ෂි  ගොඩාක් ලැබෙනවා.ම්ම්ම් මම හිතන්නේ සම්පුර්ණ කතාවම කිව්වොත් තේරුමක් නැතිවෙයි. ඔයාලා බලලම අදහස් කියන්න අමතක කරන්න එපා.. මේ මගේ තුන්වන උපසිරැසිය මටත් ඔයාලගේ අදහස් ගොඩාක් වැදගත්. කමෙන්ට් එකකින් මැසේජ් එකකින් අදහස් කියන්න අමතක කරන්න එපා. ඔයාලගේ අදහස් තමයි මගේ සතුට...........



https://www.facebook.com/dissanayake.krish

෴......ක්‍රිශාන්ත.....෴

HDTV වීඩියෝවට ගැලපෙන උපසිරැසියකි




Sunday, May 27, 2018

Collateral S01E01 Sinhala Subtitle



Collateral (සුපරික්ෂාකාරී) IMDB 6.5 ක අගයක් තියන කතා මාලාවක්. මගේ දෙවන උපසිරැසි නිර්මානය මෙයයි. මම කතාව ගැන පොඩි හැඳින්වීමක් කරන්නම්. පීසා ගෙනියන තරුණයෙකුගේ ඝාතනයක් පිළිබඳ අභිරහසක් වටා ගෙතුන කතාමාලාවකි. එංගලන්තයේ නිර්මානයක් වන මෙය නීති විරෝධී රැඳි සිටිම්, සරණාගත සංක්‍රමණයන්, පවුල් දක්වා විහිදී යනවා. මේ කතාව ඔබම බලන එක හොඳයි මම කියනවට වඩා එහෙනම් එය ඔබට බාරයි. උපසිරැසියේ ඇති අඩු පාඩු ඔබේ යෝජනා චෝදනා අප වෙත යොමු කරන්න.

https://www.facebook.com/dissanayake.krish

                                                               
                                                         වීඩියෝ පිටපත මෙතනින්


                                                        උපසිරැසිය මෙතනින්